hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 03, පෙ.ව. 8:17


කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

වග ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙනවා.

තවද කැලණිවැලි මාර්ගයේ කොලඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මහරගම දුම්රිය ස්ථානයේදී පීලිපැනීමකට ලක්ව තිබීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.