hit counter

2026 නොවැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2026 නොවැම්‍බර් 07, ප.ව. 7:48



කහ සහ සුදු පැහැති සමනලුන් විශාල වශයෙන් එකම දිශාවකට පියඹා යන ආකාරය අද(07)පෙරවරුවේ සිට කොළඹ ඇතුලු ප්‍රදේශ ගණනාවකින් වාර්තා වනවා.

සමනලුන් පිළිබඳව පර්යේෂණ සිදු කරන්නන් මෙම සංසිද්ධිය හදුන්වන්නේ “සමනල් පරයටනය” හෙවත් “සමනල් සංචරණය” ලෙසයි.

මෙම සමනලුන් “ලෙමන් එමික්‍රන්ට්” නැමැති විශේෂයට අයත් වන අතර මෙය බොහෝවිට නොවැම්බර් මාසයේදී නිරීක්ෂණය වන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේවෙතත් මෙවර එය වැඩි වශයෙන් නිරීක්ෂණය වීමක් සිදුවන අතර මෙම සංසිද්ධිය එක් දිනකින් අවසන් නොවන බවයි පරිසරවේදී, නීතිඥ ජගත් ගුණවර්ධන සදහන් කළේ.

ඒ අනුව මෙවර අසාමාන්‍ය ලෙස හොදින් දර්ශනය වන මෙම සංසිද්ධිය නරඹා එම අත්දැකීම ලබා ගත හැකි බවයි ඔහු පැවසුවේ.

පරිසරවේදී, නීතිඥ ජගත් ගුණවර්ධන මහතාගේ මුහුණුපොතේ පළ කළ සම්පුර්ණ සටහන පහතින්,

සමනල සංක්‍රමනය (Butterfly Migration) පිලිඹඳ සටහනක්

අද දින උදෑසන සිට ප පදිංචි නුගේගොඩ නගරයේ මෙන්ම අවට ප්‍රදේශ වලිනුත් සුදු සහ කහ සමනලුන් විශාල වශයෙන් එකම දිශාවකට පියඹා යනු දැකිය හැකි විය​.එමෙන්ම අද දිනයේදී බොහෝ දෙනෙක් මෙම සංසිද්ධිය දැක මවෙත තොරතුරු දන්වා සහ විස්තර විමසා තිබේ.

මේ අප දකින්නේ අතීතයේ සෑම වසරකම නොවැම් බර් සහ දෙසැම් බර් මාසවලදී දකිනා සමනල් පර්‍යටනයක ආරඹ්හක අවස්ථාව වේ.මෙම සමනල් පර්‍යටනයේ යෙදී සිටින විශේශ සංඛ්‍යාව 70 පමන වන බව අතීත වාර්තා සහ අප විසින් 1987 ව්සරේ සිට කල අධ්‍යයන අනුව පෙනී ගොස් තිබේ.

බොහෝ විට මෙම පර්‍යටනයේ මුල් අවස්ථාවේදී හමු වන්නේ Lemon Emigrant සහ Mottled Emigrant යන සමනලුන් වේ.නමුත් පසු අවස්ථාවලදී මීට තවතවත් විශේශ එක්වීම දැකිය හැකි වේ.කෙසේ වෙතත් පසු කාලීනව මෙම සංක්‍රමනයේ නියුතු සමනලුන් සංඛ්‍යාව බොහෝ දුරට අඩුවීමක් සිදුව තිබුනි.ඇතැම් වසර වලදී සංක්‍රමනයක් දැකගත නොහැකි තරමට මෙය අඩුවීමක් සිදුව තිබිනි.මේ වසරට ප්‍රථමයෙන් මෙවන් විශාල සංඛ්‍යා වලින් සමනල් පර්‍යටනයක් දර්ශනය වූයේ 2014 වසරේ නොවැම් බර් මාසයේ සිට වේ.එහිදී දුටු තවත් සුවිශේශී දෙයක් නම් ඉහල කඳුකරයේ වාසය කරනා Painted Lady නම් සමනලයා සුලු සංඛ්‍යා වලින් කොලඹ අවටදී දැකීම විය​.

එසේම පසුගිය වසර කීපයකදී Orange Migrant නම් සමනලයාද මෙම සංක්‍රමනයට එක්වී තිබීම විය​.මීට දශක දෙකකට ප්‍රථම ශ්‍රී ලංකවෙන් ප්‍රථම වරට වාර්තා වූ මෙම සමනල් විශේශය මෙරටට ආනයනය කරනා විසිතුරු ශාක සමඟ පැමිනෙන්නට ඇති බවට මතයක් තිබේ.මෙම සමනලයා පියාඹන විට ඉදිරි පියාපත් දෙකේ උඩ පැත්ත දීප්තිමත් සුදු පාටිනුත්,පසු පියාපත් දෙකේ උඩ පැත්ත දීප්තිමත් කහ පාටිනුත් වීම නිසා කහ වර්න ආකාරයේ Lemon Emigrant සමනලුන්ගෙන් පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි වේ.

අද දිනයේ සංක්‍රමනයේ යෙදී සිටිනු දුටුවේ මෙරට සුලභ සමනල විශේශයක් වන Lemon Emigrant (Catopsilia pomona) නම් සමනලයා වේ.පසුගිය පැය හයක කාලයේදී (උදේ 9.30 සිට සවස 3.30 තෙක්) එක් ස්ථානයකින් විනාඩියක කාලයක් තුල සමනලයින් 45 සිට 70 දක්වා සංඛ්‍යාවක් මෙසේ සංක්‍රමනයේ යෙදී සිටින බව දැකීමට හැකි විය​.

සංක්‍රමනයේ යෙදී සිටින මෙම විශේශයේ සමනලුන් ඇතමෙක් සුදුවන්ව​ සහ​ අන් අය ලාකහ සහ ඇතමුන් වඩාත් තද කහ​ පාට වලිනුත් යුතුව දකින්නට හැකි වේ.මීට හේතුව වන්නේ මෙම විශේශයේ සමනලයන් වෙනස් රූපානුදර්ශ ගනනාවකින් හමුවීමයි.

මේ සමනල විශේශයේ රූපානුදර්ශයන් ස්පර්ශකවල වර්නය අනුව ප්‍රධාන කාන්ඩ(groups) දෙකකට බෙදේ.මේ ප්‍රධාන කාන්ඩ දෙක තුලම වෙනස් ස්වරූපයේ “ආකාරයන් ” (forms) කිහිපය බැගින් තිබේ.මේ වෙනස් ආකාරයන් වෙන්කර තිබෙන්නේ පියාපත්වල වර්නයන් සහ එහි තිබෙන සලකුනු මතය​. මේ සමනලයාගේ විශේශත්වයක් නම් මෙවන් වෙනස් ආකාරයන් ගනනාවක් එක විටක මෙන්ම එකම රංචුවේද හමුවීමයි.

සමනලයාගේ ස්පර්ශක යුගල කලු හෝ අලු පාට සහිත සහ සුදු හෝ ලා කහ පාට පියාපත් දරන්නන් Crochole කාන්ඩයටද ස්පර්ශක රතු හෝ රෝස පාටින් යුතු සහ කහ පාට සිට ඉතා තද කහ පාට දක්වා වර්න සහිත පියාපත් දරන්නන් Pomona කාන්ඩයටද වෙන්කර තිබේ.

** මෙම ඡායාරූප වලින් ප්‍රථම දෙකෙන් Pomona ආකාරයත් අනුක් දෙකෙන් Crochole ආකාරයත් සහිත සමනලුන් නිරූපනය වේ.

++ ඡායාරූප සියල්ල ගන්නා ලද්දේ මවිසිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: