hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 අගෝස්‍තු 03, පෙ.ව. 10:02


හැටන් – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා

පවතින වර්ෂාවත් සමඟ පස් කඳු සහ ගස් කඩා වැටීමේ දැඩි අවධානමක් පවතින නිසා හැටන් – කොළඹ සහ හැටන් – නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් වුඩ්ලන්ඩ් ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට අද (03) උදෑසන පස් කන්දක් කඩා වැටී ඇති බවත්, මස්කෙලිය – කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුගස්තැන්න වත්ත ප්‍රදේශයෙන් මාර්ගයෙන් කොටසක් නායගොස් ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

ප්‍රධාන මාර්ගවලට පස් කදු කඩා වැටි ඇති ස්ථානවල රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට පමණක් සිමා කර ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි කිසිදු අවස්ථාවක ප්‍රධාන මාර්ග අභියස වාහන ගාල් නොකරන ලෙසයි සහකාර අධ්‍යක්ෂකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර වටවල රොසැල්ල ප්‍රදේශයේ නිවසක් මතට අද (03) දින අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදු වි ඇති බව වටවල පොලිසිය පැවසුවා.

නිවසට පස් කන්ද කඩා වැටුණු අවස්තාවේ එහි කිසිවෙකු නොසිට ඇති බවත්, පස් කන්ද කඩා වැටිමෙන් නිවසට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි වටවල පොලීසිය කියා සිටියේ.

හැටන් පොලිස් වසමට අයත් විග්ටන් වතු යායේ වතු නිවාස පෙලක් මතට ඊයේ (02) දින රාත්‍රියේ විශාල එරබදු ගසක් කඩා වැටිමෙන් නිවාස දෙකකට අලාභ හානි සිදු වි ඇති බවත්, ඉන් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති බව හැටන් පොලිසිය පැවසුවා.

Example Image