hit counter

2026 නොවැම්‍බර් මස 14 වන සෙනසුරාදා

2026 නොවැම්‍බර් 14, ප.ව. 12:39



භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතිය ලබා ගැනිමකින් තොරව ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්යමණ්ඩලයට දීමනා වර්ග 07ක් යටතේ රුපියල් 59,799,061 මුදලක් ඉකුත් වර්ෂය තුල (2025) ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින්  අනාවරණය වි ඇත.

එමෙන්ම මුදල් අමාත්‍යංශයේ පූර්ව අනුමැතිය ලබා ගැනිමකින් තොරව කොමිෂන් සභාව විසින් ඉකුත් වර්ෂයේ (2025) අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි  කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩිකරගෙන තිබුණි.

එම වැටුප් වැඩිවිම ප්‍රතිශතයක් ලෙස 34% සිට 145% දක්වා පරාසයක පැවති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මේ පිළිබද කොමිෂන් සභාව විසින් විගණනයට සදහන්කොට ඇත්තේ 2002 අංක 35 දරණ ශ්‍රිලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 12 (1) වගන්තිය යටතේ කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය සම්බන්දයෙන් සේවක සංඛ්‍යාව කළමණාකරණය, පාරිශ්‍රමික අනුපාත සහ වෙනත් ප්‍රතිලාභ තිරණය කිරිමේ අවසාන බලය කොමිෂන් සභාව වෙක පැවරි ඇති බවය.

2024 අංක 44 දරණ රාජ්‍ය මුල්‍ය කළමණාකරණ පනතේ විධිවිධාන වලට අනුකුලවිය යුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: