hit counter

2026 නොවැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2026 නොවැම්‍බර් 19, ප.ව. 3:16


දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ගින්නක්

කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ අද (19) ගින්නක් හටගෙන තිබේ. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් මේ වනවිට යොදවා ඇති බව වාර්තා වේ. ගින්න හටගැනීමට හේතුව හෝ ඉන් සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත.