hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 06, ප.ව. 1:11


බත්, කොත්තු සහ ප්ලේන්ටි මිල පහළට

කොත්තුවක, බත් පැකට්ටුවක සහ ප්ලේන් ටී ඇතුළු ආහාරපාන වර්ග කිහිපයක මිල ගණන් පහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සැළකිය යුතු ප්‍රමාණයකින් මිල ගණන් පහළ දමන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ.

ඊට හේතුව අමුද්‍රව්‍යවල මිල ගණන් පහළ යාමයි.

මිල ගණන තවමත් තීරණය කර නොමැති අතර එම ප්‍රමාණ අනිද්දා(08) ප්‍රකාශයට පත් කරන බවද ඔහු ප්‍රකාශ කළා.