hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 08, ප.ව. 3:37



දේශීය ලොකු ලූනු වගාවේ අස්වැන්න නෙලීමට මසක් තියෙද්දි වගාව දිලීර රෝගයකින් විනාශ වී යාමේ දැඩි තර්ජනයකට ලක්ව ඇතැයි දේශීය ලොකු ලූනු ගොවීන් පවසයි.

පසුගිය දින කිහිපයේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ දේශීය ලොකු ලූනු වගාවට මෙම දිලීර රෝගය පැතිර ගිය බව දඹුල්ල, සීගිරිය, ඉනාමළුව, නාවුල, ගලේවෙල, කැකිරාව, ගල්කිරියාගම ආදී ප්‍රදේශවල දේශීය ලොකු ලුණු ගොවින් පවසයි.

මේ වන විට මාතලේ, අනුරාධපුර, සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල ද සීඝ්‍රයෙන් දේශීය ලොකු ලූනු වගාවේ මෙම දිලීර රෝගය පැතිර යමින් පවතින බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඒ පිළිබඳව කිසිදු අයෙකුගෙන් අවධානයක් යොමු වී නොමැති බවත් දිලීර නාශක වෙළඳපොලේ ලබා ගැනීමට නොහැකි වීම, ඒවායේ මිල අධික වීම නිසා තම වගාවන් දිනෙන් දින වීනාශ වෙමින් දේශීය ලොකු ලූනු ගොවියාට වියදම් කළ මුදල හෝ ලබා ගැනීමට නොහැකි ප්‍රශ්නයකට මුහුණ පා ඇතැයි මෙම ගොවීන් වැඩිදුරටත් කියා සිටිනවා.

දේශීය ලොකු ලූනු ගොවියාට සිදුව ඇති මෙම බරපතල තර්ජන පිළිබඳව සොයා බැලීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු ගොවි සම්මේලනයේ නියෝජිතයින් පිරිසක් අද (08) සීගිරිය තල්කොටේ ප්‍රදේශ්යේ මහා පරිමාණයෙන් ලොකු ලූනු වගා බිමක් නිරීක්ෂණයක නිරත වන්නට වුණා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස