2022 අගෝස්‍තු 08, ප.ව. 5:30
කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මේ බව පැවසුවා.
කිලෝග්‍රෑම් 5 ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 99 කින් ද කිලෝග්‍රෑම් 2.3 ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45 කින් ද අඩුකර තිබෙනවා.
අද මධ්‍යම රාත්‍රීයේ සිට එම මිල අඩු කිරීම ක්‍රියාත්මක බවයි ඔහු පෙන්වා දුන්නේ.
එම මිල පහත දැමීමත් සමග ලිට්‍රෝ කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4664 ක් දක්වා පහල ගොස් තිබෙනවා.
ලිට්‍රෝ සමාගමේ ගෑස් මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ද හඳුන්වා දී තිබෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05