2022 අගෝස්‍තු 09, පෙ.ව. 11:41
ඉදිරියේ දි පළාත් ආණ්ඩුකාර ධූරවල වෙනසක් සිදු විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ආණ්ඩුකාර ධූර ජනාධිපතිවරයා හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ එක්ව බෙදා ගැනීම සඳහා එකගතාවයකට පැමිණ ඇති බවද වාර්තා වෙනවා.
මෙහිදී ජනාධිපතිවරයාට ආණ්ඩුකාර ධූර 04ක් සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට ආණ්ඩුකාර ධූර 05ක් වශයෙන් බෙදා ගැනීමට එකඟ වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
බස්නාහිර, උතුර, නැගෙනහිර, උතුරුමැද සහ වයඹ යන පළාත්වල ආණ්ඩුකාර ධූර වෙනස් විය හැකි බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේවුවද දකුණ, ඌව සහ සබරගමුව යන පළාත්වල ආණ්ඩුකාර ධූරවල කිසිදු වෙනසක් ඇති නොවන අතර දැනට සිටින ආණ්ඩුකාරවරු එම ආණ්ඩුකාර ධූරයන්වල තවදුරටත් කටයුතු කරනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිර්දේශය මත උතුරු මැද හා තවත් පළාතකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙකු පත්කිරිමට තීන්දු කොට ඇති බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ගාල්ල – ලලිත් චාමින්ද
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36