2022 අගෝස්තු 13, ප.ව. 3:51
නලින් පෙරේරා කියන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන සංගීත කණ්ඩායමක් වන මේරියස් සංගීත කණ්ඩායමෙන් නායකයායි.
එනිසාම එළිමහන් ප්‍රසංග වේදිකාව තුල නලීන් පෙරේරා කියන චරිතය නුහුරු නුපුරුදු චරිතයක් නෙමෙයි.
ඔහු ඒ එතරම්ම ජනතාව ආදරය කරන කලාකරුවෙක් වෙලා අවසන්.
එවගේම තමයි පසුගිය දවසක නලින් පෙරේරා ගේ ආදරණීය දියණිය වන ස්වේතා පෙරේරාගේ විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වුණා.
සුන්දර වීඩියෝ පට අතරින් එක්තරා වීඩියෝ පටයක් තිබුණා නලීන් පෙරේරා තමන්ගේ දියණිය වෙනුවෙන් කරන ආදරණීය කතාවක්.
ඉතින් මේ කතාව සිද්ද වෙන්නේ හරිම විශේෂ විදිහට.
ඊට පස්සේ අවසානයේ නලින් ආදරනීය සංවේදී කතාවක් බෑණාට කියනවා.
එහිදී ඔහු කිව්වේ මේ වගේ කතාවක්.
“අදින් පස්සේ පුතේ ඔයාගේ ජීවිතය තියෙන එකම සහ ලොකුම බර මේ කෙල්ල. අමතක කරන්න එපා මේ දුවගේ බරට සමාන බරක් තව තියෙනවා ඒ මගේ හදවත. ඔයා දන්නවනේ මම ඔයාට කියලා තියෙන දේවල් මම දන්නවා ඔයා එක කරනවා කියලා. ඒ වගේම තමයි මේ සින්දුවේ අන්තිමට තියෙනවා පිට පිට දරු සම්පත් ලැබේවා කියලා.මොකද ඔයාලට ලස්සන අම්මල දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්න බලාගෙන ඉන්නේ දරුවෝ හදන්න. එයාලා ඇවිල්ල සපෝට් කරන්න හරි ආසයි. අපි කැමතියි හනිමුන් බේබි කෙනෙක් බලන්න කල්දාන්න එපා එකට මහන්සි වෙලා වැඩ කරන්න. ඕස්ට්‍රේලියා ගියාට කමක් නැහැ. මේ දවස් වල එහෙ සීතලයි වැඩේ හොඳට හොදට කරගෙන යන්න පුළුවන්. අපිට ඕනි හනිමුන් බේබි කෙනෙක් බලන්න”
2024 දෙසැම්බර් 11, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 10, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 09, පෙ.ව. 12:13
2024 දෙසැම්බර් 08, පෙ.ව. 12:04
2024 දෙසැම්බර් 07, පෙ.ව. 12:09