hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2022 අගෝස්‍තු 16, පෙ.ව. 8:44


‘යුවාන් වැන්ග් 5’ නැව හම්බන්තොට වරායට

ආන්දෝලනයට තුඩු දුන් චීන විද්‍යාත්මක පර්යේෂණ යුවාන් වැන්ග් 5 නෞකාව මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට වරාය වෙත පැමිණ තිබෙනවා.

නෞකාව පිළිගැනිම වෙනුවෙන් චීන තානාපති කාර්යාලය විසින් අද පෙරවරුවේ හම්බන්තොට වරායේ උත්සවයක්ද සංවිධානය කර තිබුණා.

මෙම නෞකාව ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව මෙන්ම ඇමෙරිකාවද සිය විරෝධය ප්‍රකාශ කළ අතර පසුව ඔවුන්ට ඒ සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කිරීමට අපොහොසත්වූ බැවින් නෞකාවට හම්බන්තොටට පැමිණීමට අවශ්‍ය අවසරය රජය විසින් ලබා දුන්නා.

මෙම නෞකාව මුලින්ම ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ පසුගිය 11 වැනිදායි. කෙසේ වෙතත් එම දිනය ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකාව චීන තානාපති කාර්යාලයෙන් නිල වශයෙන් ඉල්ලීමට කටයුතු කළා.