2022 අගෝස්‍තු 16, පෙ.ව. 10:53
හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතු යායේ මොන්ටිෆෙයාර් කොටසේ වතු නිවාස පේලියක අද (16) හටගත් ගින්නකින් නිවාස 06 ක් අර්ධ වශයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසුවා.
වතු නිවාස 20 කින් සමන්විත නිවාස පේලියේ හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර යාම වලක්වා ගැනිමට එම වතුයායේ පාලන අධිකාරිය සහ වතු කම්කරුවන් සමත් වි තිබෙනවා.
වසා තිබුණු එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බවත්, ගින්නෙන් වතු නිවාස පේලියේ නිවාස 06 ක් අර්ධ වශයෙන් විනාශ වි ඇති බවයි වතු පාලන අධිකාරිය කියා සිටියේ.
ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.
ගිනිගත් වතු නිවාස වලට ලබාදී තිබු විදුලි බලය විසන්ධි කිරිමට හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවකයින් පියවර ගෙන තිබෙනවා.
ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.
2025 අප්‍රේල් 21, ප.ව. 5:05
2025 අප්‍රේල් 21, ප.ව. 1:36
2025 අප්‍රේල් 21, ප.ව. 12:14
2025 අප්‍රේල් 21, පෙ.ව. 10:37
2025 අප්‍රේල් 16, ප.ව. 2:07