hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 අගෝස්‍තු 17, ප.ව. 4:53



රට තිබෙන තත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවා.

වර්තමාන ජනාධිපතිවරයා සමග තමා වසර පහක් ආණ්ඩු කළ බවත්  තමන් එතුමාගේ හැටිද  එතුමා තමාන්ගේ හැටිද හොඳින් දන්නා  බව සිරිසේන මහතා පවසයි.

සියලු දෙනා පක්ෂ පාට මේ අවස්ථාවේදී ඔලු වලින් අයින් කළ යුතු බවද ඔහු සඳහන් කළා.

ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් පිරිසක් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් කළ විමසුමකදීයි.