hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 18, පෙ.ව. 9:33



මැතිවරණ කල් දැමීමට වඩා දූෂිතව හෝ මැතිවරණ පැවැත්වීම සිදුකළ යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස්, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඒෂියන් මිරර් මතවාද දේශපාලන වැඩසටහනට එක්වෙමින්.‍

එහිදී අදහස් දැක්වූ හිටපු මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ, දූෂිතව හෝ මැතිවරණයක් පැවැත්වීම තුළින්, එම මැතිවරණය දූෂිත බව පැවසීමට අවස්ථාවක් ජනතාවට ලැබෙන බවයි.

තවද මැතිවරණය දූෂිතනම් එයට විරුද්ධව නඩු මාර්ගයට ගොස් නැවත මැතිවරණයක් කැඳවිය හැකි බවද සභාපතිවරයා පෙන්වා දෙනවා.

පළාත් සබා ආයතන නිළධාරී පාලනයට

මේ වන විට පළාත් සබා ඡන්ද විමසීම හොරු අරන් ගිහින් ඇති බවත් ඒ හේතුවෙන් පළාත් 9 තනි ආණ්ඩුකාවරුන්ගේ පාලනයට නතුව ඇති බවත් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
මෙලෙස නිළධාරීන්ගේ පාලනය යටතේ පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම නීත්‍යානුකූල නොවන අතර එය මූලික අයිතිවාසිකම් කඩවීමක් බව මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

Right to Recall තිබුණා නම් මේ ප්‍රශ්න නෑ

පාර්ලිමේන්තුව තුළ 225 ම එපා කියන පාඨයට තමා විරුද්ධ බව පවසන දේශප්‍රිය මහතා විශේෂයෙන් තමන් ඡන්දය නොදුන් මැතිවරණ කොට්ටඨාශයක විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු එපා කීම කෙතරම් සාධාරණද යන්න තේරුම්ගත යුතු බව පෙන්වාදෙනවා.

තවද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාද ක්‍රමය තුළ ජනතාව පත්කරගන්නා මන්ත්‍රීවරුන් සිදුකරන සියලු දේ අවුරුදු 05ක් යන තුරු බලාසිටීමට සිදුවීම වරදක් බවත් එම තත්ත්වය නිරාකරණය කරගැනීම සඳහා Right to Recall නීතියේ අවශ්‍යතාව ඇති බවත් හිටපු මැතිවරණ කොමසාරිස්වරයා පවසනවා.

එම අදහස් දැක්වූ වීඩියෝව පහතින්,

https://youtu.be/RIMQuGLsKZM




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: