hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 22, පෙ.ව. 11:14



සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 83,024 ක් ගිය වසරේදී ආනයනය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

මෙම ආනයනික කිරිපිටි තොගයේ වටිනාකම රුපියල් මිලියන 59,175ක්.

රටේ වාර්ෂික දේශීය කිරි නිෂ්පාදනය මුළු කිරි අවශ්‍යතාවයට වඩා බෙහෙවින් අඩු වී ඇති බැවින් එම හිඟය පියවා ගැනීමට යොදය සහිත කිරිපිටි ආනයනය කිරීමට සිදු වූ බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

මෙරට ගවයන් සංඛ්‍යාව මිලියන 1.1ක් ද, මීහරක් සංඛ්‍යාව මිලියන 0.3 ක් ලෙස සඳහන්.

මීට අමතරව කුකුළු ගොවිපල ආශ්‍රිතව නිෂ්පාදනයන් සඳහා තිරිඟු මෙට්‍රික් ටොන් 120000 බඩ ඉරිඟු වලට ආදේශකයක් ලෙස ගිය වසරේදී ගෙන්වා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: