hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අප්‍රේල් 26, පෙ.ව. 9:46


විදුහල්පති, ගුරුවරු යළි වැඩ අල්ලයි – සිසුන්ගේ පැමිණීමත් හොඳයි

අසනිප නිවාඩු වාර්තා කර (25) දින වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලි සිටි විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අද (26) සාමාන්‍ය පරිදි පාසල් වල සේවයට වාර්තා කර ඇති බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු ඒෂියන් මිරර් වෙත පැවසුවා.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වතු පාසල් සහ නගර බද ප්‍රධාන පාසල් වලට විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් පැමිණ පාසල විවෘත කරන අයුරු අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණා.

ඊයේ (25) විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අසනිප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලිම නිසා ළමුන් පාසලට එවිමෙන් වැලකි සිටිමට දෙමව්පියන් පියවර ගෙන තිබුණා.

අද (26) පාසල් වලට ළමුන්ගේ පැමිණිමේ ඉහල ප්‍රවණතාවයක් පවතින බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඊයේ (25) හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නගරබද සහ වතු ආශ්‍රිත පාසල් වල ගුරුවරුන් ප්‍රධාන නගර වල පිහිටි තැපැල් කාර්යාල වෙත පැමිණ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙත විදුලි පුවත් මගින් අසනිප නිවාඩු වාර්තා කරන අයුරු ඒෂියන් මිරර් වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණා.

ගුරුවරුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පිලිබදව නොදත් ඇතැම් සිසුන් පිරිසක් පාසල් වෙත පැමිණ සිටි අතර, ගුරුවරුන් ඊයේ (25) වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන බවට දැනගත් එම සිසුන් ආපසු නිවාස යන අයුරුද දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.