hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2022 මාර්තු 16, ප.ව. 2:12



කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයකම මේ වන විට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව මේ වන විට කොළඹ කොටුව, පිටකොටුව, කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය, මරදාන, මාලිගාවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයකම මාර්ග දැඩි ලෙස අවහිර වී තිබෙනවා.

ඒ සමගි ජන බලවේගයේ විරෝධතා පාගමන හේතුවෙන්.

එම විරෝධතා පාගමනේ විරෝධතාකරුවන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්වී සිටිනවා.

විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ කිරීම හේතුවෙන් එය වැළැක්වීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.