2022 අගෝස්තු 30, ප.ව. 12:20
2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
රුපියල් බිලියන 4672ක් වෙන් කළ මෙම අතුරු අයවැය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ පස්වරු 1ටයි.
එළඹෙන 2වැනි දා පස්වරුවේ ඊට අදාල ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි.
පෙරවරු 9. 30 සිට පස්වරු 5.30 දක්වා දිවා විවේකයකින් තොරව මෙම විවාදය පැවැත්වීමටයි පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරනු ලැබුවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද ඉදිරිපත් කරන අතුරු අයවැය ඉදිරි මාස 04 සඳහා බලපැවැත්වෙන ලෙසයි ඉදිරිපත් කෙරෙන්නේ.
සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත මගින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ රාජ්‍ය පරිපාලන හා පලාත් පාලන අමාත්‍යංශයටයි.
එය රුපියල් බිලියන 735ක්.
මුදල් හා ආර්ථීක ස්ථායිතා අමාත්‍යංශයට රුපියල් බිලියන 467ක් ද, ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 376ක් ද වෙන්කර තිබෙනවා.
මේ අතර ආණ්ඩුව මූල්‍ය අරමුදල හා ණය සපයනු ලබන ආයතන සමඟ සිදු කරන ගණුදෙනු ශක්තිමත් කරලීම අරමුණු කරගත් අයවැයක් අද ඉදිරිපත් වනු ඇතැයි රුහුණ විශ්ව විද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි පවසනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 3:48
2024 දෙසැම්බර් 20, ප.ව. 3:38
2024 දෙසැම්බර් 19, ප.ව. 4:13
2024 දෙසැම්බර් 19, ප.ව. 3:42
2024 දෙසැම්බර් 19, ප.ව. 3:36
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24