2022 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 8:13
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිස පක්ෂයේ දරන තනතුරුවලින් නුදුරු දිනයකදී ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා.
එමගින් පුරප්පාඩු වන තනතුරු සඳහා වෙනත් සාමාජිකයින් පත් කිරීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ,
මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, ඒ අනුව පක්ෂය සඳහා නව සභාපතිවරයෙකු ද පත්වනු ඇති බවයි.
ඊයේ (30) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13 දෙනෙක් ඊයේ (31) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන්ගත්තා.
ඒ අනුව පොදු ජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්‍ය චන්න ජයසුමන, මහාචාර්‍ය චරිත හේරත්, ආචාර්‍ය නාලක ගොඩහේවා, ආචාර්‍ය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, කේ.පී.එස් කුමාරසිරි, වෛද්‍ය ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන් දහතුන් දෙනා විපක්ෂයේ අසුන් ගැණුනේ විශේෂ ප්‍රකාශක්ද නිකුත් කරමින්.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
01-08-25
01-08-25
30-07-25
30-07-25
21-07-25
21-07-25
09-06-25
09-06-25
21-02-25
21-02-25
19-02-25
19-02-25
14-01-25
14-01-25
22-11-24
22-11-24
22-10-24
22-10-24
19-10-24
19-10-24
04-08-24
04-08-24
18-03-24
18-03-24