hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 9:56



කැපකිරීම් කොට මෙරටට පැමිණි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාව ඉවත් කොට තම ගජ මිතුරෙකු එම තනතුරට පත් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

ඒ අද (02) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

මෙවැනි නාට්‍ය නිසා සර්ව පාක්ෂික ආණ්ඩු ගැන හිතීමටවත් නොහැකි බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

වර්තමාන මහබැංකු අධිපතිවරයා ද්විත්ව පුරවැසියෙකු බවට ප්‍රලාපයක් ආණ්ඩුව විසින් ගොඩනගන බව කී විපක්ෂ නායකවරයා සත්‍ය වශයෙන්ම ද්විත්ව පුරවැසියෙකු මහබැංකු අධිපති කළේ කවුද කියා රටම දන්නා බවද විපක්ෂ නායකවරයා පැවසුවා.

දැන් කළ යුත්තේ විනිවිදභාවයකින් යුක්තව කටයුතු කිරීම බව පැවසූ විපක්ෂ නායකවරයා ඊට පටු අරමුණු වලින් තොරව ශුද්ධ වූ අරමුණකින් එක්විය යුතු බවද සඳහන් කළා.

https://youtu.be/-S91Tpiblzc
Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: