hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අප්‍රේල් 26, ප.ව. 1:52


විදෙස් ආයෝජකයින්ට වීසා දෙන්න අනුමැතිය

වාණිජ බැංකුවල අවම වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂයක් තැන්පත් කරනු ලබන විදේශිකයන්ට වසර 10ක වීසා නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රන් පාරාදීස වීසා වැඩසටහන ලෙස එය නම් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම, ස්වාධිපත්‍ය දේපළවල අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 75,000ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන විදේශිකයින්ට විදේශීය සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට ඔවුන්ගේ කාලත්‍රයින්ට සහ යැපෙන්නන්ට අවුරුදු 5 සිට 10 දක්වා දීර්ඝ කාලීන වීසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

අද (26) පැවැත්වූ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකාච්ඡාවේ දි මේ බව ප්‍රකාශ වුණා.