hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 10:49



තංගල්ල නාකුළුගමුව දුම්රිය නැවතුම්පොළ කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) විවෘත කර තිබෙනවා.

මහින්ද අමරවීර මහතා ප්‍රවාහන අමාත්‍ය ධුරය දරන සමයේ මෙම නැවතුම්පොළ සඳහා මුල්ගල තබා තිබෙනවා.

මහින්ද අමරවීර අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයාද වන අතර පසුගිය දා සිදු කෙරෙනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මාධ්‍ය හමුවේ විවේචනාත්මකව අදහස් පළකර තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිත බවටද මාධ්‍ය වාර්තා පළවුණා.