hit counter

2025 ඔක්‍තෝබර් මස 29 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 9:32



උත්තර සභාගය සේවය කරන්නේ මව්බිමට සහ මව්බිමේ ජනතාවට බවත් නව සන්ධානයට රාජපක්ෂලා නොමැති බවත් උත්තර සභාගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

නානායක්කාර මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ රාජපක්ෂවරු ඉන්නේ ආණ්ඩු පක්ෂයේ බවත් තම කණ්ඩායම සිටින්නේ විපක්ෂයේ බවත්ය.

ඉදිරි මැතිවරණයට නව සන්ධානය තරඟ කිරීමට සූදානම් බවත් පොදුජන පෙරමුණේ සිටින පිරිස නව සන්ධානයට එක්ව සිටින බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායමත් මේවන විට ස්වාධීන වී විපක්ෂයට පැමිණ ඇති බවත් කියා සිටියා.

ජනාතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ගැලපෙනවානම් ඔවුන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට සූදානම් බවත් ඒ අනුව පළල්ම සන්ධානය නිර්මාණය කිරීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.