hit counter

2026 ජූනි මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 9:52



බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, වෛද්‍යවරුන් ඇගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් කනස්සල්ලෙන් පසුවන බවත් බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක කළා.

එම නිවේදනය අසන්න ලැබීමෙන් තමා මහත් සේ කම්පනයට පත් වුණු බව බ්‍රිතාන්‍යයේ නව අගමැතිනී ලිස් ට්‍රස් පැවසුවා.

රැජිනගේ දරුවන් සියලු දෙනා ඇය රැඳී සිටින ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මන්දිරයට පැමිණ හෝ පැමිණෙමින් සිටින බව වාර්තා වුණා.

කෙසේවෙතත් දෙවැනි එළිසබෙත් රැජින ඊයේ අභාවප්‍රාප්ත වුණා.

96 හැවිරිදි වියේ පසුවූ ඇය වසර 70ක් කිරුළ දැරුවා.