hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 10:24



බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසෙබෙත් මහ රැජිනිය ඊයේ (08) අභාවප්‍රාප්ත වූ බව බකින්හැම් මාලිඟය නිල වශයෙන් දැනුම් දුන්නා.

බ්‍රිතාන්‍ය මහ රැජින අභාවප්‍රාප්ත වන විට පසු වූයේ 96 හැවිරිදි වියේ යි.

වයස අවුරුදු 26 දී එක්සත් රාජධානියේ කිරුළ හිස දරාගත් ඇය වසර 70ක් පුරා එහි ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කළා.

රැජිනියගේ අභාවයෙන් පසු සිදු වන සෙසු වෙනස්කම්

* බ්‍රිතානයයේ මුදල් නෝට්ටු, විදේශ ගමන් බලපත්‍ර හා නිල ඇඳුම්වල ස්වරූපය වෙනස් වීම.

* චාල්ස් කුමරු රජ කිරුළ දැරීම හා ඒ සමඟ ම කැමිලා පාකර් නව රැජිනිය බවට පත් වීම.

* මෙතෙක් කාලයක් බ්‍රිතාන්‍ය ජාතික ගීයෙහි කියවෙන ‘දෙවියන් අපගේ රැජිනිය රැක දේ වා’ යන්න ‘දෙවියන් අපගේ රජු රැක දේ වා’ යනුවෙන් සංශෝධනය වීම.

* පැරණි මුදල් නෝට්ටු බැංකුවලින් හා තැපැල් කාර්‍යාලවලින් කඩිනමින් එකතු කරගන්නා අතර, ඒවා නැවත ජනතාවගේ පරිහරණය සඳහා මුදා නො හැරෙ යි. ඒ වෙනුවට නව රජුගේ රුව සහිත මුදල් නෝට්ටු නිකුත් කෙරෙයි.

* නගරවල කිසිදු අනවශ්‍ය ශබ්ධයන් නො නැඟිය යුතු අතර, නිෂ්ශබ්ධතාව අගය කළ යුතු යි.

* සියලු ම බී.බී.සී මාධ්‍ය නිවේදකයන් හා කාර්‍ය මණ්ඩලය කළු ඇඳුමෙන් සැරසී රාජකාරි සිදු කරනු ලබන අතර, බී.බී.සී ප්‍රවෘත්ති ලාංඡනය ද කළු පැහැයට හැරවෙ යි.

* එසේ ම, විකාශය වීමට නියමිත ව තිබූ කිසිදු විනෝදාත්මක හා හාස්‍යෝත්පාදක වැඩසටහනක් බී.බී.සී නාලිකාවේ විකාශය නො වන අතර, ඒ වෙනුවට රැජිනිය පිළිබඳ වාර්තා වැඩසටහන් පමණක් විකාශනය කෙරෙ යි.

* බකින්හැම් මාලිඟයේ ගේට්ටුව ඉදිරිපස කළු පැහැති ශෝක පණිවිඩයක් ප්‍රදර්ශනය කෙරෙ යි.

* සියලු ම වාණිජ ගුවන් යානාවල රැජිනිය මිය ගිය පුවත නිවේදනය කරන අතර, රාජකීය පවුලේ නිල වෙබ් අඩවියේ ද රැජිනියගේ අභාවය ප්‍රකාශ කර යි.

* සියලු ම ජාතික කොඩි අඩකුඹු වන අතර, පල්ලිවල සීනු නො කඩවා නාද වෙයි.

* චාල්ස් කුමරු චාල්ස් රජු බවට පත් වන අතර, මීළඟ වේල්සයේ කුමරු බවට විලියම් කුමාරයා පත් වෙයි. ඒ සමඟ ම විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් වේල්සයේ කුමරිය බවට පත් වෙයි.

Example Image