hit counter

2025 දෙසැම්‍බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 10:49



බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණ ඇබර්ඩීන්හි ස්කොට්ලන්ත වතුයායේ පිහිටි බල්මොරල් මාළිඟයේදි ඊයේ (08) අභවප්‍රාප්ත වූ බව බකිංම්හැම් මාළිගාව නිවේදනය කළා.

හිරු නොබසින අධිරාජ්‍යයේ වසර 70ක් රජ කිරුළ දරමින් සිටි රැජිණ 96 වැනි වියෙහි දී මෙලෙස අභවප්‍රාප්ත වුණා.

රැජිණගේ දේහය බැල්මෝර් සිට රාජකීය දුම්රියක් ඔස්සේ බකිංහැම් මාලිගය වෙත රැගෙන ඒමට නියමිතයි.

1952 පෙබරවාරි 6 දින සිට 1972 මැයි 22 දක්වා නිදහස් ලංකාවේ රාජ්‍ය නායකත්වය දැරුවේ ද ඇයයි.

නිදහස ලබාගැනීමෙන් අනතුරුව දෙවන එලිසබෙත් මහ රැජින 1954 දී ශ්‍රී ලංකාවට පැමිණ තියෙනවා.

ඇය මෙහි ගත කළ දින දහය තුළ කොළඹට පැමිණ පෙරහැර නැරඹීමට මහනුවර, ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට ද පැමිණ තිබෙනවා.

දලදා මාලිගාවේ මාධ්‍ය අංශය ඒ මතකය සිහිපත් කරමින් ඇගේ පැමිණීමේ මතක සටහන් සහිත ඡායාරූප ඔවුන්ගේ සමාජ මාධ්‍යවල පළ කර තිබුණා.