hit counter

2026 මැයි මස 04 වන සඳුදා

2022 සැප්‍තැම්‍බර් 09, ප.ව. 3:33



බිරින්දෑවරුන් ගණනාවක් සිටින ස්වාමිපුරුෂයන්, ස්වාමියන් ගණනාවක් සිටින බිරියන් ලෝකයේ ඕනෑ තරම් සිටිනවා.

එහෙත් කාන්තාවක හෝ පිරිමියෙකු තමන්ව විවාහ කර ගැනීම නම් වාර්තා වන්නේ නැති දෙයක්.

මෙවන් විවාහයන් ගැන මෑතක සිට ඉන්දියාවෙන් වාර්තා වීමට පටන් ගෙන තිබෙනවා.

24 හැවිරිදි ක්ෂමා බිංදු නම් තරුණිය තමන් සමගම විවාහ වීමට තීරණය කළා. මනාලියක ලෙස සැරසී ගත් ඡායාරූපය ඇය සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කළා.

ඇයට සාම්ප්‍රදායික අදහස් දරන්නන්ගේ අපහාස, උපහාස, චෝදනා එල්ල වුණා.

බිංදුට මේ අදහස ඇති වී තිබෙන්නේ හොලිවුඩ් සිනමා පටයක් නැරඹීමෙන් පසුවයි.

බටහිර සංස්කෘතියේ තමන් තමන්ම විවාහවීම ජනප්‍රියයි.

වැඩි වශයෙන් තමන් හා විවාහ වන්නේ කාන්තාවන්.