hit counter

2024 නොවැම්‍බර් මස 05 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:16



දෙවැනි එලිසබෙත් මහ රැජිනියගේ අභාවයෙන් පසුව බකිංහැම් මාලිගයෙන් පිටතට පැමිණි තුන්වෙනි චාල්ස් රජු රැස්ව සිටි තම ජනයාට ආචාර කිරීමටත් ඔවුන් සමග සුහද කතාබහක නිරත වීමටත් කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නමුත් එම අවස්ථාවේදී විදෙස් මාධ්‍යයේ කැමරා ඇසට හසු වූ සුවිශේෂී සිදුවීමක් වන්නේ, චාල්ස් රජු තම ජනයාට ආචාර කරමින් ඉදිරියට යන අතරතුරදී, එම සෙනග අතරේ සිටි එක් සුරූපී කාන්තාවක් රජුට කුමක් හෝ පවසා ඔහුගේ මුව ආදරයෙන් යුතුව සිපගත් ආකාරයයි.

ජෙනී ඇසිමිනීස් නමැති මෙම සුරූපී කාන්තාව තමන්ගේ සතුටට කාරණයක් වූ නව රජුගේ ආගමනය සමග ඔහුව සිප ගැනීමට පෙර ඒ සඳහා රජුගෙන් අවසර පැතීම ද එම අවස්ථාවේ දී ම සිදුවුණා.

තුන්වෙනි චාල්ස් රජු නිහතමානී අයුරින් ඇයට ඒ සඳහා ඉඩ ලබාදුන් අතර, ඇය දුන් උණුසුම් හාදුව ද පිළිගනු ලැබුවේ ඉතාමත් කැමැත්තෙන් වීම ද විශේෂත්වයක්.

අදාළ කාන්තාව සී.එන්.එන්. පුවත් සේවයට පවසා ඇත්තේ, ‘තම රජතුමා දෑස් ඉදිරියේ දිස්වීම අදහාගත නොහැකි කරුණක් වූ නිසාවෙන්, ඔහුට හාදුවක් ලබාදීමට සිතේ කැමැත්තක් ඇති වූ බවයි.

“I have seen him in front of me. I couldn’t believe it and I said ‘may I kiss you?’ He said ‘well, yes’ so I grabbed him.”I am very happy. Thank you God for letting me see him and kiss him.”

Example Image