hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 15, ප.ව. 2:41



ඊයේ (14) සිට කුකුල් මස් මිල රුපියල් 50කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සදහන් කළේ වහාම කුකුල් මස් සදහා පාලන මිලක් ගෙන ආ යුතු බවයි.

අද (15) කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

මේ වන විට කුකුළා සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත්ව ඇති බවද ඔහු සදහන් කළා.

එදිනෙදා වේල හම්බ කරගෙන කන කම්කරුවාට, රාජ්‍ය සේවකයන්ට කුකුල් මස් කෑම සිහිනයක් බවට පත්ව ඇති බවද ඔහු කියා සිටියා.

ඔහු මෙම මාධ්‍ය හමුවට කුකුල් මස් ද රැගෙන පැමිනීම විශේෂත්වයක් වුණා.

https://youtu.be/926amD8IUr4