hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 7:56



දේශපාලනික වශයෙන් ආණ්ඩුව ස්ථාවර තත්ත්වයකට පැමිණෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින්.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කළ නමුත් ඒ සඳහා කිසිම කෙනෙක් සහයෝගය ලබා නොදුන් බව ද ඔහු සඳහන් කළා.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් පිරිසක් එන්න සිටින්නේ නම් ඔවුන් ද එකතු කරගෙන ශක්තිමත් ලෙස වැඩපිළිවෙළ අරගෙන යෑම සිදු කළ හැකි බවද නාමල් මහතා කියා සිටියා.

ඉදිරියේ දී ඇති අභියෝගය ආර්ථික අභියෝගය බවත් හේ ජය ගත හැකි සැලැස්මක් සමඟ ඉදිරියට යා යුතු බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

https://youtu.be/rFt0NIwRReo