hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 17, ප.ව. 2:54



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ අභාවප්‍රාප්ත වී සිටින එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා.

ජනාධිපතිවරයා සමග තවත් රාජතාන්ත්‍රික නිලධාරීන් 08 දෙනෙකු ද දූත පිරිස ලෙස සහභාගී වීම සදහා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම පිරිස අද (17) අලුයම 03.33 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් මුලින්ම ඩුබායි වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.

ඉන් අනතුරුව මොවුන් එතැන් සිට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිතයි.

මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රථම නිල විදේශ සංචාරයයි.