2022 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 6:15
ඖෂධ හිඟයට අමතරව සමහර රෝහල්වල රෝගීන්ට, සෞඛ්‍ය කාර්යය සහායකයන්ට දෛනිකව ලබා දෙන ආහාර වේල ලබා ගැනීම විශාල ගැටලුවකට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරනවා.
ආහාර සැපයුම්කරුවන්ට නිසි ලෙස මුදල් ලබා නොදීම නිසා රෝහල් වලට ආහාර පලතුරු, සුප්, කැඳ වර්ග සකස් කිරීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හා බිත්තර, මස්, මාළු සැපයීම සීමා වෙමින් තිබෙන බවයි සංගමයේ සභාපති එස්.බී. මැදවත්ත මහතා සඳහන් කළේ.
ලංකාවේ විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලට පවා මෙම ගැටලුකාරී තත්ත්වය පවතින බවද පැවසූ ඔහු රෝග තත්ත්වයන් සුවවීම සඳහා රෝගීන්ට ඖෂධ සේම පෝෂ්‍යදායි ආහාර ලබා දීම සිදු කළ යුතු බවත් පැවසුවා.
මෙම තත්ත්වය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති හිග මුදල් ගෙවා කඩිනමින් මෙම තත්වය පාලනය කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම තවදුරටත් කියා සිටියා.
2026 ජනවාරි 30, පෙ.ව. 11:37
2026 ජනවාරි 30, පෙ.ව. 12:38
2026 ජනවාරි 30, පෙ.ව. 12:30
2026 ජනවාරි 30, පෙ.ව. 12:28
2026 ජනවාරි 30, පෙ.ව. 12:19