hit counter

2025 ඔක්‍තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 17, ප.ව. 5:43



සිවුරක් දමා ගත් චීවරදාරියෙකු තමාට නිගා කළ බවත් ගූගල් කර තමා කියූ දේ පිලිබදව සොයා බලන ලෙසද සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය එම ස්වාමින් වහන්සේගෙන් ඉල්ලීමක් කලා.

වීදුරු ගෙවල් ඇතුලේ සිට ගල් ගැසීම නුසුදුසු බවද ඇය අදහස් දක්වමින් සදහන් කළා.

රාජ්‍ය අමාත්‍යවරිය මෙම චෝදනාව එල්ල කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.

කංසා නීතිගත කිරීමට තමන් කළ යෝජනාව ඇතැමුන් විකෘති කරමින් සිටින බවත් තමන් යෝජනා කළේ කංසා අපනයනය සඳහා වගාකිරීම නීතිගත කිරීමට බවත් පවසා සිටියා.

ගංජා අපනයනය කළ යුතු බවට තමන් පැවසුවේ ඉන් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි නිසා බවත් නමුත් ගංජා උරමින් පාරවල් දිගේ ඇවිදීම නොවන බවද ඇය පැවසුවා.

ඉතිහාසය රජවරුන් පවා ගංජා ප‍්‍රයෝජනයට ගත් බවත් රාවණා යුගයේ පටන් ගංජා පැවත එන බවත් ඇය තව දුරටත් කියා සිටියා.

https://youtu.be/b3SMib8Nryc