hit counter

2026 ඔක්‍තෝබර් මස 23 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 21, ප.ව. 2:50



ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරයට කලටිපොල් මද උලුප්පා ගෙන ආ බවට පුවතක් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලකින් වාර්තා වෙනවා.

මෙම ශිෂ්‍ය නායිකාව පාසලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්.

ඇයගේ පියා කුලී රැකියාවල නිරත වන අතර මව රැකියාවක් කරන්නේ නැත.

ඇයට වැඩිමහල් සහ බාල සොයුරු සොයුරියන් කීප දෙනකු ද සිටිනවා.

එම පාසලේ දිවා විවේක කාලයේ අනෙකුත් සිසුන් සමග මෙම ශිෂ්‍යනායිකාව ද ආහාර ගැනීම සදහා සූදානම් වූ අවස්ථාවේ මෙම සිදු වීම අනාවණය සිදු වී තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳව වැඩිදුරටත් එම පාසැලේ ගුරු භවතුන් සමග සාකච්ඡා කිරීමේදී මෙම සිද්ධියෙන් පසුව පාසලේ ගුරු භවතුන් විසින් දිවා ආහාර පාර්සල් කීපයක් සකස් කර ගෙන පැමිණ එවැනි සිසුන් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව සදහන් වෙනවා.

මෙම විද්‍යාලයේ ගුරු භවතුන් දරුවන් පිළිබඳව සොයා බැලීමේදී මෙම සිසුන් පෙර දින රාත්‍රීයේත් ආහාර සදහා කිසිවක් ලබා ගෙන නොමැති බව අනාවරණය වී තිබේ .