hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 5:12



පිළිගත හැකි හේතු නොමැති වීම නිසා අද (22) සිට රට තුළ සිදු කිරීමට තීරණය ගෙන තිබූ විදුලි කප්පාදුවේ වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද සිට පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණේ.

නමුත් පිළිගත හැකි හේතුවක් විදුලි කප්පාදුවට ඇති බවට මහජන උපයෝගීතා කොමිසමට අනාවරණය නොවූ හෙයින් විදුලිබල මණ්ඩලයේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඒ අනුව අද (22) දිනයේ සිට විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැයයි විනාඩි 20ක පමණ කාලයක් පමණක් බවයි මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරන්නේ.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළදී පැය 1යි මිනිත්තු 20ක් කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.