hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 22, ප.ව. 2:38


ජනපති Book Fair යයි

ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධානය කිරිමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේදී 23 වන වරට ත් පැවැත්වෙන කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය නැරඹීමට අද (22) පෙරවරුවේ එක් වූ අවස්ථාවේදීයි.

නිදහස් සමරු පොත් ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ද සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසුවා.

අද පෙරවරුවේ ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර ඇතුළු පිරිස විසින් පිළිගනු ලැබුවා.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි, පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සාමාජිකයන් වන විජිත යාපා, එච්.ඩී. ප්‍රේමසිරි, ආරියදාස වීරමන්, අතුල ජයකොඩි යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙවර පොත් ප්‍රදර්ශනයට දෙස් විදෙස් පොත් ප්‍රකාශකයන්ගේ කුටි 400කට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර එම ප්‍රදර්ශන කුටි වෙත යමින් ඒවා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පොත් ප්‍රකාශකයන් සහ ලේඛකයන්ගේ තොරතුරු විමසමින් කෙටි කතා බහක නිරත වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදර්ශන භූමිය වෙත පැමිණ සිටි ජනතාව සමග ද සුහද කතා බහක නිරත විය.

Example Image