hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 22, ප.ව. 7:20



ඡන්ද තැබුවාට දූෂිත දේශපාලකයන් ගෙදර යවන්නට නොහැකි යැයි ද  දූෂිත දේශපාලකයන් ගෙදර යැවිය හැක්කේ අරගලයට පමණක් යැයිද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

රටේ මිනිස්සුන්ට කන්න නැතිනම් අයි.එම්.එෆ් එක තම්බගෙන කන්න දැයි ප්‍රශ්න කළ ෆොන්සේකා මහතා  බිම් මට්ටමට ගිහින් ජනතා ප්‍රශ්න  තේරුම්ගත යුතු යැයිද  නැතිනම් කැරලි ගැසීම නවත්තන්න නොහැකි යැයිද සඳහන් කළා.

අරගලය ඇවිත් දූෂිත දේශපාලකයන්ගෙන් රට ගලවා ගන්නම ඕන යැයි කී සරත් ෆොන්සේකා මහතා අනාගතයේ දී මුළු රටම අරගලයට බැසිය යුතු යැයිද  අරගලය කියන වචනය අයින්කර නිරායුධ අහිංසක ජනතා පෙළ ගැස්ම වැනි වචනයක් දැමිය යුතු යැයිද සරත් ෆොන්සේකා මහතා සඳහන් කර සිටියා.

https://youtu.be/b0lZi3yzljA