hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 23, ප.ව. 1:47


අන්තරේ කැඳවුම්කරුගේ පෙත්සම සලකා බැලේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනකු නිදහස් කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ඔක්තෝබර් මස 18 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

අදාළ පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර තිබෙනවා.