2022 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 1:54
 
            
මේ රටේ මහා ආහාර අර්බුදයක් තිබෙන බව කියමින් ඊට මානුෂවාදී පිළියම් යෙදීමට ඇතැමුන් සැරසෙන බව ජානිපෙ ප්‍රචාරක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා.
‘සාගත කැරලි’ ඇති කිරීමේ දේශපාලන උවමනාවක් තිබෙන බවටද මන්ත්‍රීවරයා චෝදනා කළා.
ඊයේ (25) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“අපේ සමාජය තුළ ජනතාව පීඩාවට පත්ව සිටිනවා. දිළිදුම ජනතාව මත අතිරේක පීඩනයක් ඇතිව තිබෙනවා. මේ ආර්ථික අර්බුදය ඇතුළේ එවැන්නක් සිදුව ඇති බව අප පිළිගන්නවා. නමුත් මේ මහා ආහාර අර්බුදයක් ගැන කතා කරන පිරිස මේ තත්ත්වය අතිශයෝක්තියෙන් හුවා දක්වන පිරිසක්. ඔවුන් තුළ ඇත්තේ මේ සමාජ පීඩනයට පිළියම් යෙදීම නොවෙයි, ඔවුනට තුළ ඇත්තේ ‘සාගත කැරලි’ ඇති කිරීමේ දේශපාලන උවමනාවක්. පාසල් දරුවන් 40 ලක්ෂයක් ඉන්න රටක දරුවන් ආහාර අහේනියෙන් පෙළෙන බවට අතිශයෝක්තියෙන් හුවාදැක්වීම පිටුපස ඇත්තේ දේශපාලන උවමනාවක්.”
අනුර දිසානායක මහත්තයාගේ කටින්ම ඒක එළියට එනවා මම දැක්කා, ‘අනාගතයේදී බඩගින්නෙ ඉන්න ජනතාව පාරට බහිනවා. අපි ඔවුන්ට නායකත්වය දෙන්න සූදානම්’ යනුවෙන්. පසුගිය දා ඇමෙරිකානු නියෝජිත සමන්තා පවර් හමු වූ දේශපාලන පක්ෂ දැන් ඔවුන්ගේ ‘අලුත් අරගලය:ආහාර අරගලයට’ මූල බීජ හිටවනවා. ආණ්ඩුව මේ තත්ත්වය හමුවේ නිද්‍රාශීලීව නොසිට ජනතා පීඩනයට පිළියම් යෙදිය යුතුයි. කල්මරමින් නොසිට දරුවන්ට පාන් පිටි නොකවා පෝෂණය සහිත විකල්ප වලට යා යුතුයි” යැයි ඔහු පෙන්වා දුන්නා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18