2022 සැප්‍තැම්‍බර් 26, ප.ව. 5:28
රජය විසින් ගෙනියන මර්දනකාරී පිළිවෙතට හා විශ්ව විද්‍යාල සිසුන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව විසඳුම් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් අද (26) ගලහා මංසන්ධියේදී උද්ඝෝෂණයක නිරත වූවා.
විශාල ශිෂ්ය පිරිසකගේ සහභාගිත්වයෙන් ඉංජිනේරු පීඨය අසලින් ආරම්භ වූ පා ගමනක් පේරාදෙණිය නගරය ඔස්සේ ගලහ මංසන්ධිය දක්වා පැමිණි පසු විරෝධතා ව්යාපාරය ආරම්භ වූ අතර මේ හේතුවෙන් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිරව දැඩි රථ වාහන තදබදයක්ද උද්ගත වී තිබෙනවා.
මෙම උද්ඝෝෂණයේදී අදහස් පළ කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් මහේල අමරසූරිය හා සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති මධුශාන් චන්ද්‍රජිත් සඳහන් කළේ මේ වන විට රජය විසින් ගෙන යන මර්දනකාරී පිළිවෙතට දැඩි විරෝධය එල්ල කිරිම මෙන්ම නිදහස් අධ්යාපනය වනසන කොතලාවල උපාධි කඩයේ සම සෞඛ්‍ය උපාධිය රාජ්‍ය සේවය සඳහා පිළි ගනිමින් සිදුකරන බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය වහාම හකුලා ගන්නා මෙන් ඉල්ලමින් මෙම විරෝධතා ව්යාපාරය සංවිධානය කළ බවයි.
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:19