2022 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 6:15
සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.
ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.
කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.
බනින අයට බනින්න ඉඩ දීලා තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.
ඒ වගේම තමයි සාරංග සහ දිනක්ෂි කිසිම ආකාරයකින් දියණියගේ මුහුණ පෙනෙන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එකතු කළේ නැහැ.
ඒ කොහොම වුණත් දෝණිගේ පලවෙනි උපන්දිනයට හැමෝටම බලන්න දෝණිගේ වීඩියෝවක් නිකුත් කළා.
ඒ අතර වාරයේ සාරංග සිය මුහුනුපොතේ අපුරු සටහනක් පළ කර තිබුණා.
ඒ සටහන පහතින්,
සාරංග සහ දිනක්ෂිගේ චූටි දෝණි වෙනුවෙන් ඒ දෙන්නා කරපු ගීතය ඊයේ රිලීස් වුණා. අවුරුද්දක් පුරා තමන්ගේ දුවව පබ්ලික් අයි එකෙන් හංගගෙන හිටිය එයාලා දරුවාට වසරක් පිරීමත් සමඟ දරුවාව ලෝකයට නිරාවරණය කරනවා. සාරංග සහ දිනක්ෂි තරම් සයිබර් බුලින්වලට ලක් වෙච්ච වෙන කවුරුහරි හිටියා නම් ඒ ශලනි තාරකා විතරයි මම හිතන්නේ. ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ සෑම දුක්බර සහ ප්‍රීතිමත් සංධිස්ථානයකදීම ඔවුන්ව සයිබර් බුලින්වලට ලක් වුණා. ඔවුන් ගත් පෞද්ගලික තීරණවලදී පවා ඔවුන්ව සයිබර් බුලින්වලට ලක් වුණා. කොටින්ම දරුවාව සමාජ මාධ්‍යයේ පෙන්නුවේ නැහැ කියලාත් ඒ දෙන්නා වාචික හිංසනයට ලක් වුණා. මේ කෙටි සටහන මම ලියන්නේ ඒ දෙන්නා විසින් අපිට පෙන්නපු අපේම සමාජයේ ඕජස් ගලන හරස්කඩක් ගැන කතා කරන්න.
මට මතකයි තිලකා රණසිංහ මහත්මිය අතින් තමන්ගේ මිණිපිරියගේ ඡායාරූපයක් වැරදීමකින් (විය යුතුයි) මුහුණු පොතට රිලීස් වුණ වෙලාවේ ඇතැම්මු හැසිරුණු විදිහ. තමන්ගේ දරුවාගේ පින්තූර මුහුණු පොතේ සංසරණය වෙනවාට සාරංග සහ දිනක්ෂි තදින් අකමැතියි කියලා දැන දැනම ඒ ඡායාරූපය එකිනෙකා තමන්ගේ පෞද්ගලික ගිණුම්වලින් සහ පේජ්වලින් සංසරණය කරලා තිබ්බා. අම්මෙක් සහ තාත්තෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් ගත් පෞද්ගලික තීරණයක් අසික්කිත විදිහට අපහරණය කරන්න තරම් කුරිරුකමක් ඒ මිනිස්සුන්ට තිබිලා තිබුණා. මවිපියන් තමන්ගේ දරුවා වෙනුවෙන් කළ සර්ව සාධාරණ ඉල්ලීමක් කුණු බක්කියට දමන්න තරම් අගෞරවනීයභාවයක් ඒ මිනිස්සුන්ට තිබිලා තිබුණා. ශිෂ්ටසම්පන්න සමාජ ආචාර ධර්ම මූසික පශ්චාත්භාගයක් තරමටවත් නොසළකන තැනට ඒ මිනිස්සු පත්වෙලා තිබුණා.
සාරංගගේ සහ දිනක්ෂිගේ චූටි දෝණි වෙනුවෙන් හැදුණු ඒ ගීතය මම දෙවරක් නැරඹුවා. ඒ ගීතය ඉතාම ලස්සනයි. ලිරික්ස්, මෙලඩිය වගේම ඒ රූප රචනයත් අතිශය ලස්සනයි. ඒ වගේම මම හිතනවා සාරංග, දිනක්ෂි සහ සාරන්‍යා දුව නොකඩවා සයිබර් බුලින් ප්‍රහාරවලට ලක් කරපු මිනිස්සුන්ට ඉතාම සුන්දර අතුල් පහරක් ඒ ගීතයෙන් ලැබෙනවා කියලා. ඒ ගීතය තුලින් පෙනෙන ඒ පුංචි කැදැල්ලේ ප්‍රීතිය හැබෑවටම ඒ පුංචි කැදැල්ල තුල තියනවා කියලා මගේ හිත මට කියනවා. මොකද එහෙම ප්‍රීතියක් ඒ පවුල තුල නොතිබුණා නම් සාරංගට සහ දිනක්ෂිට බැරිවෙනවා මේ තරම් සාර්ථකව හැම වාචික හිංසනයකටම මුහුණ දෙන්න. ඔවුන් ඔවුන්ගේ සතුට සහ සැනසුම සියල්ලටම උඩින් තබාගෙන සිටි නිසායි, ඔවුන්ට දුෂ්ටකම් කරන සමාජයක් තුල පවා තමන්ගේ මානසික ඒකාග්‍රතාවය තියාගෙන ඉන්න ඔවුන් ශක්තිය ලබාගත්තේ කියලා මම හිතනවා. සමහරවිට මටවත් නැති ඒ අසීමිත ශක්තිය වෙනුවෙන් මම ඔවුන්ට මගේ ගෞරවනීය ආචාරය පුද කරනවා.
ජීවිතයේ දුක්ඛදායක කඩඉම් පසුකරපු මනසින් හුදෙකලා වූ මිනිස්සු අවසානයේදී කාටවත් කරදරයක් නැතිව තමන්ගේ ප්‍රීතිය, සාමය, සුවය හොයාගනිද්දි ඒවාට උප්පැන්න සහතික ලියන්න හදන මිනිස්සු මේ සමාජයෙන් තුරන් වෙලා යන්න ඕන! සියදිවි නසාගැනීමකදී කිඹුල් කඳුලු හෙළලා අනිත් අතට ප්‍රසිද්ධ හෝ අප්‍රසිද්ධ මිනිස්සුන්ගේ ජීවිත සම්බන්ධව ඊර්ෂ්‍යාව, වෛරය, අපහාසය වපුරන මිනිස්සු මේ සමාජයෙන් තුරන් වෙලා යන්න ඕන! පාලකයන්ගේ අසංවේදීත්වය ගැන ලේ කෝප කරගෙන කෑ ගහන ගමන් තව මිනිහෙක්ගේ අතීතය හාර හාර ඒ මිනිහාට රිදවමින් ප්‍රීතිවෙන මිනිස්සු මේ සමාජයෙන් තුරන් වෙලා යන්න ඕන! ඒ හැමදේටම වඩා, ආකල්පමය අරගලයකින් තොරව සමාජ ක්‍රමයක් වෙනස් කරන්න බැරි බව වටහාගත්තු මිනිස්සු මේ සමාජයට වඩ වඩාත් පහල වෙන්න ඕන!
සාරංග ප්‍රාර්ථනා කළා වගේම…
සාරන්‍යා වගේ සුවහසක් සිඟිත්තන්ගේ පිවිතුරු සුන්දර සිනහවෙන් මේ රටේ අසුන්දර හිත්වල අවලස්සන මැකී යන්න ඕන!
-අමාවි-
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 25, පෙ.ව. 12:01
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08