2022 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 9:46
ඊයේ (27) රාත්‍රියේ තොටළඟ කජිමාවත්ත ප්‍රදේශයේ හටගත් ගින්නෙන් නිවාස 54කට පමණ පූර්ණ හානි සිදුව ඇති බවත් අර්ධ හානි සිදුව ඇති නිවාස 11ක් පමණ ඇති බවත් දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා.
මෙම නිවාසවල පදිංචිව සිටි 300කට අධික ප්‍රමාණයක් අවතැන්වී ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති අතර ගින්නට හේතුව කුමක්දැයි සොයා බැලීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද ඔහු කියා සිටියා.
ගින්න හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වහාම අවශ්‍ය සහන සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සිට ජනාධිපති ලේකම්වරයාට ලබා දුන් උපදෙස් අනුව ඊයේ (27) රාත්‍රියේ සිටම සහන සැලසීමට අදාළ බලධාරීන් කටයුතු කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.