hit counter

2024 නොවැම්‍බර් මස 14 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 6:15



කලා ලෝකයේ කොයි කාටත් කවදාවත් අමතක නොවන හැමදාමත් මතකයේ රැදෙන ආදරණීය රංගන ශිල්පියෙක් හිටියා ඔහු තමයි දසුන් නිශාන් කියන්නේ.

ගොඩක් අය දන්නවා පුංචි තිරයේ පෙම්වතාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් ව තදින් ඇද බැඳ තබා ගත්තු මේ ආදරණීය කලාකරුවා පිළිබඳව. 

ඒ වගේම තමයි මේ වෙද්දි ඔහු ජීවිතයේ එක්තරා අවස්ථාවකදී හදිස්සි තීරණයක් අරගෙන ජීවන ගමනට  සමුදීලා.

ඒ නිසාම ඔහු පිළිබඳව ගොඩක් දෙනෙක්ට අමතක නැතුව ඇති.

27 දින දසුන් ජීවිතයෙන් සමු අරගෙන හරියටම වසර පහක්.

ඒ ගෙවුණු කාලය තුළ ඔහු වෙනුවෙන් හදවතින්ම දුක් වෙච්චි ආදරණීය කලාකරුවන් ඒ වගේම ආදරණීය අම්මා ඇතුලු පිරිසට නැවත වතාවක් මේ මතකය අලුත් උනා.

ඔහු නැතිවෙලා අද නැති අවුරුදු පහක්.

නමුත් ඒ කාල සීමාවේ දී ඔහුත් එක්ක වැඩ කටයුතු කරපු සහෝදර කලාකරුවන්ට නං තාමත් මේ වියෝව දරා ගන්නට බැහැ.

එනිසාම ක්ෂේත්රයේ රංගන ශිල්පියෙක් වන සංගීත් ප්‍රභූ දසුන් වෙනුවෙන් නැවත වතාවක් මතකය ආවර්ජනය කළා.

එහිදී ඔහු සඳහන් කළේ දසුන් ඔයා අපිව දාලා ගියාට අයියා අපිට ඔයාව මැරෙනකම් අමතක වෙන්නේ නැහැ අමතක කරන්න බැහැ කියන දේ. අනේ දසුන් අයියා උඹට ආදරේ අපි. කියලත් ඔහු සඳහන් කරලා තිබුනා.

Example Image