2022 සැප්තැම්බර් 30, ප.ව. 12:39
කොළඹ නෙළුම් කුළුණ අසල අද (30) පැවැත්වීමට නියමිත සංගීත ප්රසංගයක් සඳහා කොන්දේසි සහිත අනුමැතියක් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.
කොළඹ නාගරික කොමසාරිස්වරයා විසින් අදාළ කොන්දේසි සහිත අනුමැතිය ලබා දී ඇත්තේ ‘Hellfire’ යන නාමය ප්රදර්ශණය නොකල යුතු බවත්, කිසිදු ආගමකට දර්ශනයකට හෝ ඇදහිල්ල කට හානියක් හෝ අපහාසයක් සිදු නොකළ යුතු බවත් දන්වමිනුයි.
එම ප්රසංගයේදී ‘සාතන්’ ප්රවර්ධනය කරනු ඇතැයි පල වූ මතයන් හේතුවෙන් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක ද මීට පෙර ද ඉල්ලා ඇත්තේ සංගීත උළෙලේ තේමාව ‘Hellfire’ යන්න වෙනස් කරන ලෙසයි.
නාගරික කොමසාරිස් ජේ.එම්.භද්රානි මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපිය පහතින්,
HELLFIRE MUSIC FESTIVAL නතර කරන්නැයි රෝසිගෙන් තර්ජනාත්මක ඇමතුමක් (VIDEO)
2025 ජනවාරි 15, පෙ.ව. 12:03
2025 ජනවාරි 14, පෙ.ව. 12:07
2025 ජනවාරි 13, පෙ.ව. 12:08
2025 ජනවාරි 13, පෙ.ව. 12:06
2025 ජනවාරි 12, පෙ.ව. 12:06