hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 30, ප.ව. 5:49


මෛත්‍රීගෙන් රිට් පෙත්සමක්

පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයේ පෙනී සිටින්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා සහ එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නම් කර තිබෙනවා.

සැප්. 16 වන දා පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවක සැකකරුවෙකු ලෙස නම් කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබන මස 14 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබුණා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමන් සහ එහි වින්දිතයෙකු ගොනු කළ පැමිණිල්ලකට අදාළව මෙම නඩුව පවරා තිබෙනවා.