hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 ඔක්‍තෝබර් 01, පෙ.ව. 7:13



විවිධ ආර්ථික හෝ සාමාජිය ගැටළු හේතුවෙන් ඉකුත් වර්ෂයේදී (2021) ළමුන් 2718 දෙනෙකු පාසල් හැර ගොස් තිබූ බව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වෙනවා.

විවිධ ආර්ථික හෝ සාමාජිය සාධක පදනම් කොට ගෙන අඛණ්ඩ පාසල් අධ්‍යාපනයේ නියැලීමට අවස්ථාව නොලැබෙන දරුවන් නැවත පාසල්ගත කිරිම සදහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කොට තිබුණා.

අඩු ආදාම්ලාභි පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු  සාර්ථක කර ගැනිම සදහා කැපකරු දෙගුරු නමින් ශිෂ්‍යත්ව වැඩසටහනක්ද දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කොට තිබුණා. 

මේ සදහා ඉකුත් වර්ෂය තුල රුපියල් එක්කෝටි හැට හත් ලක්ෂ විසි හතර දහස් හාර සියයක මුදලක් (16,724,400) වැය කොට තිබුණා.

ලලිත් චාමින්ද