2022 ඔක්‍තෝබර් 01, ප.ව. 2:55
ඉකුත් මැයි මාසයේ මෙරට ඇතිවූ නොසන්සුන්තා මැද අරගලකරුවන් විසින් තමන් නිවසේ තිබූ පොත් දස දහසක් පමණ වූ පුස්තකාලයද ගිනි තබා තිබූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරනවා.
එය තමාගේ පුස්තකාලයක් නොව අධි නීතිඥවරියක් වන තම බිරිඳගේ හා දරුවන්ගේ පොත්පත් බවත් ඔහු පැවසුවා.
එහි පොත් දස දහසක් පමණ තිබූ බවත් ජීවිත කාලය පුරාම එකතුකරන ලද පොත් බවත් පැවසූ ඔහු දැන් නැවතත් එම පුස්තකාලය හැඳීමට පොත් එකතු කරන බවද සදහන් කළා.
“ඒ මගේ විතරක් පුස්තකාලයක් නෙවෙයි, මගේ බිරිඳ අධිනීතීඥවරියක්. එයාගෙයි මගෙයි මගේ දරුවන්ගෙයි පොත්. එතන පොත් දහ දාහක් විතර තිබ්බා. ඒවා අපි ජීවිත කාලෙම එකතු කරපු පොත්. ඉතින් අපි ආපහු පුස්තකාලය හදන්න පොත් එකතු කරනවා. මේ සැරේත් පොත් ගත්තා. අපේ ලොකු පොත් ප්‍රමාණයක් තිබුණා සහ අපි දැන් එකතු කරමින් පවතිනවා.”
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36