hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 02, ප.ව. 1:34


සිගරට් මිල යළි ඉහළට

ගෝල්ලීෆ් සහ බෙන්සන් ඇන්ඩ් හෙජස් යන සිගරට් වර්ග දෙකෙහි සිගරට්ටුවක මිල රුපියල් 5කින් වැඩි කර ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසනවා.

ඒ අනුව ගෝල්ලීෆ් සිගරට්ටුවක නව මිල රුපියල් 85 ක් වන අතර බෙන්සන් ඇන්ඩ් හෙජස් සිගරට්ටුවක නව මිල රුපියල් 90 ක් දක්වා වැඩි වන බවද සමාගම පවසනවා.

පසුගිය අයවැයෙන් හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ බද්ධ පෙරේදා (01) දින සිට ක්‍රියාත්මක වීම මෙම සිගරට්ටුවක මිල වැඩිවීමට ප්‍රධාන හේතුව බව සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවා.