hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 03, පෙ.ව. 11:54


පෙතියාගොඩ සංඛ අවි සමඟ මාට්ටු

පාතාලයේ අපරාධ රැසකට වගකිව යුතු පිස්තෝල අවියක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවූ කොතලාවල ලියනගේ හර්ෂ චතුරංග පෙරේරා නොහොත් සමග තවත් සාමාජිකයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසය මගින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්ලේරියාව පොලිස් වසමේ අංක 494/7/ඒ, භ.ඔ. පෙරේරා මාවත, මුල්ලේරියාව, නව නගරය ලිපිනයේ දී හා ඇහැලියගොඩ පොලිස් වසමේ කොළඹ රත්නපුර මාර්ගයේ ගල්පුස්සැල්ල වතුයාය, ඉදිරිපිට මාර්ගයේදී විශේෂ කාර්ය බළකාය සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීමක් සිදුකර තිබෙනවා.