hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2022 ඔක්‍තෝබර් 03, ප.ව. 2:27



කෝප් කමිටුව සදහා තෝරාගෙන ඇති මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය අද පෙරවරුවේ දී කතානායකවරයා විසින් නිවේදනය කළා.

එම නම් ලැයිස්තුවේ කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා වූ චරිත හේරත් මහතාගේ නම පොදුජන පෙරමුණෙන් නම් කර නොතිබිණි.

ඒ සම්බන්ධයෙන් සිය විරෝධය චරිත හේරත් හිටපු සභාපතිවරයා විසින් ට්වීටර් පණිවිඩයක් සටහන් කර තිබෙනවා.

එහි දළ අදහස පහත පරිදි වේ.

‘මාස දෙකකට පසුව කෝප් කමිටුව ප්‍රකාශයට පත් කර තිබේ.
අනුමාන කළ පරිදිම මගේ නම එහි නැත. දූෂිත ක්‍රමයට පක්ෂපත ඩීල් කාරයන් ලයිස්තුවට ඇතුළත් වී තිබේ. ජයග්‍රහණය ඔවුන්ගේ ය. ආර්ථික අපරාධකරුවන්ට අවශ්‍ය වූවේ මාව ඉවත් කර තැබීමටයි.
ජනාධිපති තුමනි – අගමැති තුමනි
ලැජ්ජයි…’